පාසලේ ඉතිහාසය

" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025

" Clean Sri Lanka " වැඩසටහන - 2025

ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන පැළඳවීම - 2025

පිරිත් දේශනය - 2025.06.09

2025 වෙසක් වැඩසටහන

නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම

“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025

ලෝක ළමා දිනය සැමරීම - 2025

ලෝක ගුරු දිනය සැමරීම - 2025

20250606_075736.jpeg
20250508_113931.jpeg
20250508_113918.jpeg

වර්ෂ 1910 ගල්ගමුව  ගමේ අලුත්ගෙදර ගම්මුලාදෑනිතුමාගේ ඉඩමෙහි  ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ විජේපාල මහතාය. එතුමන් සමග එදිරිසිංහ මහතා,දසනායක මහතා සහ අමරදාස   යන මහත්වරුන් ද සිසු දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. මෙම ගුරුභවතුන් ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට පාසලට පැමිණි ඇත. මුල් ගුරුතුමා සහ ඔහුගේ බිරිඳ පාසලේම නැවතී රාජකාරී කටයුතු සිදු කර ඇත.පාසලේ මුල්ම ශිෂ්‍යයා වන්නේ ඩිංගිරිබණ්ඩා මුලාදෑනිතුමාය. එක් ශිෂ්‍යයකුගෙන් ආරමිභ වූ මෙම පාසල 1927 වන විට සිසුන් 530 ක් පමණ අධ්‍යාපනය ලබා ඇත.මිශ්‍ර පාසලක් වූ මෙහි 530 වෙනි ශිෂ්‍යයා ජී.ඒ.බන්දුලහාමි වේ. එවකට 8 ශ්‍රේණිය දක්වා පංති පවත්වා ඇත. මුලින්ම තිබී ඇත්තේ එක් ගොඩනැගිල්ලක් පමණි.

 

1946 - 1964 අතර කාලය තුළ විද්‍යාලයේ 60*20 ගොඩනැඟිලි එකක්, 30*18 ගොඩනැඟිලි එකක්, 70*18 ගොඩනැඟිලි එකක් තිබූ අතර 60*20 ගොඩනැඟිල්ල ගඩොලින් බඳින ලදී. පහළ බාලාංශය සහ ඉහළ බාලාංශය ලෙස පංති බෙදා තිබූ අතර 1962.07.30 වන දින විද්‍යාලය රජයට පවරා ගන්නා ලදී. මෙම කාලය තුළ මාණ්ඩලික මට්ටමෙන් ක්‍රීඩා ජයග්‍රහණ ලබා ඇත.සමස්ථ ලංකා සිංහල භාෂා තරඟවලට සිසුන් සහභාගි වී ඇත.අධ්‍යාපන සියවස නිමිත්තෙන් හස්ත කර්මාන්ත සහ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වා තෑගි බෙදා දීමක් සිදු කර ඇත. අ.පො.ස. සා/පෙළ සඳහා සිසුන් ඉදිරිපත් කර ඇති අතර 7 ශ්‍රේණියේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව පරීක්ෂණය පැවැත්වීය.

 

ආර්.ඒ.ගුණසෝම විදුහල්පතිතුමාගේ කාලය තුලදී පළමුවරට නිවාසාන්තර ක්‍රීඩා තරඟයක් පවත්වා ඇත. සමස්ත ලංකා ක්‍රීඩා තරඟ සඳහා ශිෂ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර ඇය එහිදී 6 වන ස්ථානය ලබාගෙන තිබේ.

 

ඉන්පසු 1973 - 1976 අතර කාලය තුළ කේ.එම්.පියරත්න මහතා විදුහල්පතිධූරය දැරූ අතර මේ කාලය තුල විශාල වැඩ කො‍‍ටසක් පාසල වෙනුවෙන් ඉටු විය. ගුරු දෙගුරු සමිතියේ අරමුදල සඳහා බැංකු ගිණුමක් විවෘත කර ඇත. නව ගොඩනැගිල්ලක් විද්‍යාලයට ලබා දීමද  මේ අවධියේ සිදු විය. ගුරු දෙගුරු සමිතිය මගින් ළිදක් ඉදිකර දීම නිසා දරුවන්ට ඉන් ලැබුණේ මහඟු සේවාවකි. මෙතෙක් පාසලට නොතිබුණු විද්‍යා ඒකකයට පංති කාමරයක් ලබා දීමද සුවිශාල ජයග්‍රහණයකි.1974.01.01 දින සිට පාසල මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදී. 1975 වසරේදී සිසුන් දොළොස් දෙනෙකුගෙන් උසස් පෙළ කලා පංතියක් ආරම්භ විය. 1975 වසරේදී මහා විද්‍යාලයක් බවට පත් කිරීම වෙනුවෙන් උත්සවයක් පැවැත්විණි. ඉන් පසුව 1976 වසරේදී 60*20 ගොඩනැගිල්ලක් ඉදි කිරීමට වැඩ ආරම්භ විය.

 

1976 - 1978 කාලය තුළ යූ.බී.එදිරිසිංහ මහතා විදුහල්පතිධූරය දරන ලද අතර ඒ කාල වකවානුව තුළ දෙගුරු සහාය අතිව එතෙක් තිබුණු තාවකාලික ගොඩනැගිල්ලෙහි කණු ගඩොලින් ස්ථිරව බඳවා ඇත. 1977 වසරේ උසස් පෙළ පළමු ශිෂ්‍ය කණ්ඩායම විභාගය සඳහා පෙනී සිටියහ. නව ගොඩනැගිල්ල 1977 වසරේ නොවැම්බර් මස විවෘත කරන ලදී. 1978 වසරේ නැටුම් විෂය ආරම්භ කිරීමෙන් සෞන්දර්යය අංශයේ ආරම්භයද සනිටුහන් කෙරිණි. 1978 වසරේ ජී.එල්.සුනිල් සේනාධීර සහ එස්.ඒ.ඉන්ද්‍රානි හේමලතා ගල්ගමුව මහා විද්‍යාලයෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ ප්‍රථම සිසුන් දෙදෙනා විය.

 

කේ.ඒ.වීරසේන මහතා 1978 - 1984 වසරවල විදුහල්පති ධුරය දැරීය. එම කාලය තුළ විද්‍යාලාන්තර සංගීත/නැටුම් සහ නාට්‍ය තරඟවලට ඉදිරිපත්ව ඇත. පාසලට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ගිවිසුම් අත්සන් කරන ලදී. මේ කාලයේ පාසල් ළමුන්ට රජය මඟින් ඇදිහැස බිස්කට් ලබා දෙන ලදී.1984 - 1993 දක්වා විදුහල්පතිධුරය දැරූ එස්.ආර්.පොඩිරාළහාමි මහතාගේ අවධියේ පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම ආරමිභ කර ඇත. එසේම නොමිලේ දිවා ආහාරය ලබා දීම 1989 වසරේ අරඹා ඇත.‍ කේ.ආර්.ධර්මසේන මහතා, ආර්.එස්.රාජපක්ෂ මහතා, ආර්.එම්.ජයතුබණ්ඩා මහතා, හේමා නවරත්න මහත්මිය, නයනී ගුණවර්ධන මහත්මිය, ආර්.එම්.වයි.රණසිංහ මහතා සහ කේ.පී.පේමරත්න මහතා යන විදුහල්පතිවරුන් තම සේවා කාලය තුළ පාසලේ අභිවෘද්ධිය උදෙසා විශාල මෙහෙවරක් ඉටු කර ඇත.

 

එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.

 

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය, පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්,  මාධ්‍ය ඒකකය,  විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

 

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 35 ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 08 කින් සමන්විතය. හයසිය හැත්තෑවක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

 

ආරම්භ කළ වර්ෂය

1910

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

04

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 

මුල් ගුරුතුමාගේ නම

වි‍ජේපාල මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩිංගිරිබණ්ඩා මුලාදෑනිතුමා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ගල්ගමුව බෞද්ධ මිශ්‍ර පාසල

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1962.07.30

පාසල පැවැත්වූ ස්ථානය

ගල්ගමුව,අලුත්‍ගෙදර මුලාදෑනිතුමා‍ගේ වත්‍තේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඩිංගිරිබණ්ඩා මුලාදෑනිතුමා

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1910