Special Notice
" මාතාපිතාභිවන්දනා " මා පිය වන්දනා වැඩසටහන - 2025
" Clean Sri Lanka " වැඩසටහන - 2025
ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන පැළඳවීම - 2025
පිරිත් දේශනය - 2025.06.09
නව විදුහල්පති කාර්යාලය විවෘත කිරීම
“පන්හිඳක සුවඳ“ සාහිත්‍යය කලා මංගල්‍යය - 2025
ලෝක ළමා දිනය සැමරීම - 2025
ලෝක ගුරු දිනය සැමරීම - 2025
-
- Home
- අපේ පාසල ගැන
- පාසලේ විනය නීති
- තමා ශිෂ්‍යයෙකු/ශිෂ්‍යාවක් බව පළමුව සිතට ගෙන, අධ්‍යාපන කටයුතු ඉතා උනන්දුවෙන් හා සාර්ථක ව සිදු කර ගනිමින්, විෂය හා විෂය සමගාමී කටයුතුවලින් තම දක්ෂතා, හැකියා උපරිමෙන් දියුණු කර ගත යුතුයි.
- ගුරුවරුන් තමාගේ පියා මෙන්ද, ගුරුවරියන් තමාගේ මව මෙන්ද සිතා කටයුතු කළ යුතුයි.
- උදෑසන 7.00 ට පෙර පාසලට පැමිණිය යුතුයි.
- ස්වයං පාලනයකින් හා විනයකින් යුක්ත විය යුතුයි.
- ගල්ගමුව පාසල් සංස්කෘතියට අනුගත විය යුතුයි.
- තමාගේ නිල ඇදුම, සපත්තු, ටයි පටිය, කොණ්ඩය, නියපොතු ආදිය විනීතභාවය හා සංවරභාවය සුරැකෙන පරිදි පාසල් සංස්කෘතියට ගැළපන ලෙස මනා පිළිවෙළකට සැකසී තිබිය යුතුයි.
- තමා හැමවිටම මනා ශික්ෂණයක් ඇති අයෙකු ලෙස හැම දෙනාටම ආදර්ශමත් විය යුතුයි.
- විදුහල්පතිතුමා ඇතුළු අචාර්ය මණ්ඩලයට ගරු කළ යුතුයි.
- සිසුවියන් අතර,ගුරුභවතුන් අතර, විදුහල්පතිතුමා හා සෙසු අය අතර අමනාපකම්, ගැටුම් ඇතිවන කේළාම් ආදිය කීම සපුරා තහනම් වේ.(යමෙකු තුළ ඔහුගේ/ඇයගේ හෝ වෙනත් අයගේ හානිය සඳහා හේතුවන යම් දෝෂයක් වෙයි නම් එයින් ඔහු/ඇය ගලවා ගැනීමේ යහපත් චේතනාවෙන් සත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සුදුසුය.)
- විදුහල්පතිතුමා ඇතුළු අචාර්ය මණ්ඩලය නොමනා අයුරින් හෝ විවේචනය කිරීම සපුරා තහනම් වේ.
- පාසලේ පරිපාලන කටයුතුවලට බාධා නොකළ යුතුයි.
- තමාගෙන් කිසියම් වැරුද්දක් සිදු වුවොත් එය පෙන්වා දුන් පසු, එය අනතිමානි ව පිළිගෙන නැවත එම වැරුද්ද නොකල යුතුයි.
- පාසලෙන් බැහැර වුවද සෑම අවස්ථාවකම පාසලේ ගෞරවය ආරක්ෂා කල යුතුයි.
- සහෝදර සිසුවියන්ට අයුතු ලෙස බැණ වැදීම, ගැරහීම, බියවැද්දීම, කොන් කිරීම, පරුෂ වචන කීම,පහරදීම,අයුතු යෝජනා කිරීම, නුසුදුසු විහිළු තහළු කිරීමාදියෙන් වැළකිය යුතුයි.
- තමාගේ ශරීර සෞඛ්‍ය හා පිරිසිදු බව සුරැකෙන වත් පිළිවෙත්වල නිරත විය යුතුයි.
- ආහාරපාන ගැනීම නියමිත කාලයේදී පමණක් කළ යුතුයි.
- මත්වතුර, මත්ද්‍රව්‍ය,දුම්පානය ආදී විෂමාචාරවලින් වැළකිය යුතුයි.
- පාසලේ භෞතික සම්පත්වලට කිසිදු හානියක් නොකළ යුතුය. භෞතික සම්පත්වලට හානියක් සිදු කළොත් එවා නැවත තිබූ පරිදි සකස් කලයුතුයි.
- පෞද්ගලික ලිපි, මුදල්, පින්තූර ආදිය පාසලට රැගෙන එම තහනම් වේ.
- ජංගම දුරකථන පාසලට රැගෙන ඒම හා භාවිතය සපුරා තහනම් වේ.
- පාසල තුළදී අවදානම් හා හානි සිදු විය හැකි කිසිදු කටයුත්තක් ොකළ යුතුයි. එේ කිරීමට අනුබලද ොදිය යුතුයි.
- පාසලේ අභ්‍යන්තර ගැටලු බාහිරට රැගෙන යාමත් බාහිර ගැටලු අභ්‍යන්තරයට රැගෙන ඒමත් සපුරා තහනම් වේ.
- පන්ති නායක/නායිකාවන්ට හා ශිෂ්‍ය නායක/නායිකාවන්ට අවනත විය යුතුයි.
- පන්ති කාමරෙන් බැහැරව යන විට බැහැරවීමේ කාඩ්පත් රැගෙන යා යුතුයි.
- අවසර නොමැතිව පාසලෙන් බැහැර නොයා යුතුයි.
- පොදු කටයුතු සඳහා උපරිම දායකත්වය ලබා දිය යුතුයි.
- කල්ලි ගැසීම,විනය විරෝධී ක්‍රියා කිරීම, අනවශ්‍ය ලෙස ශබ්ද කිරීම, අසංවර ලෙස හැසිරීම සපුරා තහනම් වේ.
- පන්ති කාමරය, පාසල පිරිසිදුව අලංකාරව තබා ගනිමින් ඵලදායිතාවෙන් උපරිමය කරා රැගෙන යාමට කැප විය යුතුය.
- සදාචාරය (යහපත් ගුණධර්ම) ආරක්ෂා කර ගනිමින් යහපත්,චරිතවත් දරුවෙකු ලෙස කටයුතු කළ යුතුය.
- විනය කඩ කිරීම පිළිබඳ විනය කමිටුව ගන්නා තීරණ අවසන් තීරණ බැවින් ඊට එකඟ විය යුතුය.