විද්‍යාලෝකය දස දෙස පතුරා
ලංකා ධරණී තල පුබුදා
වැජඹේ වොරැදේ කිතු රැස විහිදා
ගල්ගමු මහ විදුහල් මාතා
එඩිතර ගති යහ ගුණ දම් වඩවා
උගතුන් දින දින බිහි කරවා
දස දෙස නිති සුව සෙත සලසා
වැජඹේ අප විදුහල් මාතා
විදුහල රන් දද බැඳි මිණි මුතු කැට
ලෙසිනි දිලෙන සිසු කැල සැමදා
සිරිසර සිරිලක නෙක සිරි නංවා
නැගෙමු නැගෙමු ජය දද බන්දා
ඔබ පා අභියස හිස නමමු
සරසවි පහසින් නැණ වඩමු
දෑ අභිමානෙන් පෙරමුණ ගෙන අපි
හෙළකම හෙළ බිම නිති රකිමු ......
විද්‍යාලෝකය ..........
පද රචනය - පී.එ.ගුණතිලක මයා නව සංගීත නිර්මාණය - සන්ධ්‍යා කුමාරි පතිරණ මිය
මුල් සංගීතය - බන්දුල විජේවීර මයා







