ජයග්‍රහණ
පසුගිය වර්ෂයේ පැවැත්වූ සමස්ත ලංකා චිත්‍ර තරාගාවලියෙන් 10-11 ශ්‍රේණි පරිගණක සංනිදර්ශන නිර්මාණ තරග අංශයෙන් අප පාසලෙන් ප්‍රථමවරට ඉදිරිපත් වූ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් දෙදෙනෙක් ජාතික මට්ටමේ තරගයෙන් කුසලතා සම්මාන දෙකක් ලබා ගැනීමට හැකි විය.
සිංහල භාෂාව හා සාහිත්‍යය තරඟාවලිය 6 - 13 ශ්‍රේණි නියෝජනය කරමින් ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් දෙළොස් දෙනෙක් කලාප මට්ටමේ ප්‍රථම හා දෙවන ස්ථාන ලබා ගත් අතර ඔවුන් පළාත් තරඟ සඳහා ඉදිරිපත් වූහ. මෙහිදී සිංහල විෂයය භාර ගුරුවරුන් වන ආර්.බී.ජී.තිලකරත්න මිය, එම්.ඒ.කේ.එන්.කුලතුංග මිය, ජී.ඒ.ඩබ්ලිව්.යූ.ගංගාතිලක මිය සහ එච්.ඩී.එම්.එම්.වික්‍රමසිංහ මිය යන ගුරු මෑණිවරුන් සිසු දරුවන් ජයග්‍රහණය කරා ගෙන යාමට විශාල කැපකිරීමක් සිදු කරන ලදී.
2023 වර්ෂයේ සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරඟාවලියට සමගාමීව පවත්වනු ලැබූ කලාප මට්ටමේ චිත්‍ර තරඟය සඳහා අප පාසලේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් හතරදෙනෙකු සහභාගි විය.
- 7 ශ්‍රේණිය A - එන්.ජී.තරුෂ කාවිංග
- 9 ශ්‍රේණිය A - ආර්.එම්.ලක්ෂාන් ඉද්දමල්ගොඩ
- 9 ශ්‍රේණිය B - ඩබ්ලිව්.ටී.ප්‍රභාශ්වර තිලකරත්න
- 11 ශ්‍රේණිය B - එස්.ඒ.දැහැමි නදීශා







