“පන්හිඳක සුවඳ“ - 2025 සිංහල සාහිත්‍යය කලා මංගල්‍යය වර්ෂ 2025 ක් වූ බිනර මස 26 වන සිකුරාදා දින ව/ගිරි/ගල්ගමුව මහා විද්‍යාලයේදී අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. මෙහිදී 6 ශෙු්ණියේ සිට 13 ශෙු්ණිය දක්වා සිංහල පෙළපොතට අදාළ ජනකතා, නාට්‍ය, ජාතක කතා සිතුවම්කරණයෙන්ද, අක්ෂර මාලාව, පද වර්ග, වී ගොවිතැන හා බැඳුනු ජනවහර, ධීවර භාෂාව, අඟුල් මල් දමනය, ධර්ම යුද්ධය, නිර්මාණ හා නිසදැස් එකතුව, ගත්කතුවරුන් හා ඔවුන්ගේ ග්‍රන්ථ නාමාවලින් ආදී බොහොමයක් නිර්මාණ වලින් යුත් ප්‍රදර්ශනයක්ද, රංගනය, නර්තනය හා කවිය,ගීතය,නාට්‍ය නාද රටාවෙන් සංගීතවත් වූ ප්‍රාසාංගික ඉදි්රිපත් කිරීම්වලින් යුක්ත විවිධ ප්‍රසංගයක්ද පවත්වන ලදී.
වෙන්නොරුව විජයබා විද්‍යාලයේ විදුහල්පතිනිය වන සේනානි අත්තනායක මැතිණිය, බුරුසගොඩ කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පති ප්‍රදීප් පුෂ්පකුමාර මැතිතුමා, කන්දෙගෙර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති කාංචනා දසනායක මැතිනිය යන ප්‍රධාන ආරාධිත අමුත්තන්ගෙන් හා අප විද්‍යාලයේ නියමුවානන් වන අරුණ ශාන්ත ජයතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය හා සමාරම්භක උත්සව කටයුතු අරඹන ලදී. විද්‍යාලයේ සිංහල අංශය මූලිකත්වයෙන් සිදුවූ මෙම සිංහල සාහිත්‍යය කලා මංගල්‍යය සඳහා චිත්‍ර, නැටුම්, සංගීත රංගකලා අංශයේ ගුරුභතුන්ගේ දායකත්වය බෙහෙවින්ම අගය කරන අතර, විද්‍යාලීය සංධ්වනි මාධ්‍යය ඒකකයත්, කැමරාකරණයෙන් තොරතුරු තාක්ෂණ අංශයද දායකත්වය සපයන ලදී.







